September 20, 2019

"එජාප අර්බුධය ඇති කළේ මංගල"

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණින් කරූ ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් මහතා මේ බව පැවසීය.

“සජිත් ද කරු ද අපිට අදාළ නැහැ. සජිත්ගේ කෑම වේලක් මාතරදී අද තියෙනවා. රනිල්ගේ කෑම වේලකුත් තියෙනවා. පක්ෂ අර්බුදය. එළිපිටම ගහගන්න තැනට පත්වෙයි. ගෝඨා ජනපති වූ පසු පළමු කාර්යය ලෙස මංගලට උපහාර දක්වන්න. එ.ජා.ප. අර්බුදය ඇති කළේ මංගල. සජිත් ජනපති අපේක්ෂකයා වුනොත්. රනිල් සමඟ ඉන්න එ.ජා.ප. ප්‍රබලයින් ගෝඨාභයට සහයෝගය දෙන්න කටයුතු කරනවා. වෙනත් අපේක්ෂකයෙකු ආවොත් මාතර රැස්වීමේ ප්‍රධාන කථිකයන් කිහිපයක් ගෝඨාභයට සහාය දෙනවා. ශ්‍රී.ල.පො.පෙ. තරුණ පෙරමුණ සිය තරුණ ප්‍රතිපත්තිය "නෙළුම් ප්‍රකාශනය" ලෙස ගෝඨාභයට ඉදිරිපත් කරනවා“ 

Rate this item
(0 votes)