September 20, 2019

අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනිය එ.ජා.පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට

සොලිසිටර් ජනරාල් මෙන්ම හිටපු අල්ලස් හා දුෂණ කොමිසමේ සභාපතිනිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව "The Island" පුවත්පත වාර්තා කරයි.

ඒ සඳහා ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ තමන් දරන සොලිසිටර් ජනරාල් ධූරයෙන් අගෝස්තු 20 වැනිදා සිට ඉල්ලා අස්වී ඇති බවද එම පුවත්පතේ වාර්තා වේ.

වංචාවට එරෙහිව දැඩිව නැගී සිටින තැනැත්තියක් ලෙස හැඳින්වෙන වික්‍රමසිංහ මහත්මිය 2017 වර්ෂයේ ඇය දැරූ අල්ලස් හෝ දුෂණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනතිපතිවරයා ඇය යටතේ තිබූ ඉහත කොමිසමේ විමර්ශන කටයුතු වලට මැදිහත් වීමට විරෝධයක් දැක්වීමක් ලෙසය.

වික්‍රමසිංහ මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබෙන අතර එයට ඇයගේ හා අග්‍රාමාත්‍යවරයාගේ පවුල් අතර තිබෙන සම්බන්ධතාවය ද බලපා තිබේ.

එමෙන්ම ඇය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් සමඟද කිට්ටු සම්බන්ධතාවයක් ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

එහෙත් වික්‍රමසිංහ මහත්මිය අදාළ පුවත්පතේ ප්‍රවෘත්තිය නිල වශයෙන් තහවුරු කර නොමැත.

Rate this item
(2 votes)
Last modified on Friday, 23 August 2019 11:58
DLB Desktop