April 02, 2020

ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් ජවිපෙන් - ටිල්වින්

රාජපක්ෂ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ හැක්කේ තමන් ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
 
ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ‍මෙහිදී පැවසීය.

රාජපක‍ෂ දේශපාලනයට එරෙහිව තිඛෙන එකම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයත් එයින් ඉදිරිපත් වන අපේක‍ෂකයා ප්‍රමුඛ කඳවුරත් පමණක් බවත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් යෝජනා කිරීම හෝ නැවත 2015ට යෑම මේ මොහොතේ යථාර්ථය නොවෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

දේශපාලනයෙන් තොර අපේක‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි මේ වන විට රටේ සංවාදයක් ඇතිව තිබෙන බවද කියා සිටි ටිල්වින් සිල්වා මහතා, රටේ විවිධ පුද්ගලයින්ට පීඩාකාරී අත්දැකීම් තිබුණු පමණින් උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා, 

“ජනතාවට තෝර ගන්න තිඛෙන්නේ රට හදන කඳවුර හෝ රට විනාශ කරපු කඳවුරයි. කඳවුරු 3ක් හෝ අපේක‍ෂකයන් කිහිප දෙනෙක් දැන් නැහැ. රට දෙකට ඛෙදිලා ඉවරයි. පැරණි ක්‍රමයට රජවරු වැඳ පුදාගෙන වැඩවසම් ක්‍රමයක් සහිත ඉතා දුෂ්කර පාලනයක් යටතේ යටත් වැසියන් ලෙස දුක් විඳින කඳවුරද එසේ නැත්නම් රට හදන, කඳවුරද කියලා ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. සමහරු කියනවා, සියලූ දෙනා ඡන්දයට එන්නේ පෙරමුණු හදාගෙන කියලා. මහින්ද රාජපක‍ෂලා පෙරමුණක් හදාගත්තා කියනවා. රනිල් වික්‍රමසිංහලාට පෙරමුණ හදගන්න බැරිව අසාර්ථක වෙලා තිඛෙනවා. අපි නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. සුපුරුදු පරිදි රාජපක‍ෂ කඳවුර තමන්ට එරෙහිව හිටපු විවිධ පිරිස් තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිඛෙනවා. ඊට පෙර ජනාධිපතිවරණවලදී රාජපක‍ෂලාට එරෙහිව හිටපු සරත් මනමේන්ද්‍ර පවා තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිබෙනවා. ඊළාම් රාජ්‍යයක් ගැන කතාකරපු වර්ධරාජා පෙරුමාල්ලාගේ සහාය ගන්න තරම් රාජපක‍ෂලා බංකොලොත් වෙලා. නමුත් අපි සමඟ ඉන්නේ දේශපාලනය පිළිබඳ හොඳ කියවීමක් තිබෙන, දර්ශනයක් සහිත, දැක්මක් සහිත ජනතාවක් නියෝජනය කරන පිරිසක්. ඒ වගේම අපේ ජනතා මධ්‍යස්ථානයට අටවා ගන්නා සංවිධාන නැහැ. එහි මංගල රැළිය තමයි 18වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වන්නේ. එය අපේ රටේ දේශපාලනයේ අලූත් හැරවුම් ලක‍ෂයක් වෙනවා. අපේ රටට අලූත් ගමනක් නිර්මාණය කරන දිනයක් වෙනවා. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා රට රකින, රට හදන බලවේගය සමඟ අත්වැල් බැඳගන්න කියලා. ප්‍රගතිශීලී කතා කියමින් ජනතාව මුලා කරන ප්‍රකාශවලට ගොඳුරු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.  “   

"අපේ රටේ ඇතැම් පිරිස්වලට සක්විති රජ මානසික්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අපේ රටේ සමහරු තවමත් වැඩවසම් ක්‍රමයකට කැමතියි. රජවරුන්ට වන්දනා මාන කරපු, යටත් වැසියන් සේ හැසිරෙන්න සමහරු කැමැතියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තොරොම්බල් කරන අයම එවැනි තත්වයකට පත්වීම කණගාටුදායකයි.තමන්ට ඒකාධිපතියෙක් අවශ්‍ය යැයි ඔවුන් අපේක‍ෂා කරනවා. මේ අදහස් නූතන, ශිෂ්ටසම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. අපි එවැනි වැඩවසම් ලක්ෂණ ප්‍රතිකේෂ්ප කරන, නූතන පරපුර නියෝජනය කරන බලවේගයක්. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක‍ෂකයා දේශපාලන පරිණතභාවයක් තිබෙන, අනෙක් කඳවුරෙනේ ඉදිරිපත් කරන අපේක‍ෂකයාට තරගයක් දිය හැකි සියලූ සුදුසුකම් සම්පූර්ණ කරපු අපේක‍ෂකයෙක්. ජනතාවට කැත නැතුව බය නැතුව තමන්ගේ ඡන්දය ලබාදෙන්න පුළුවන්, ඡන්දය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව පසුතැවීමක් ඇති නොවෙන ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකියන අපේක‍ෂකයෙක් ජාතික ජන බලවේගයෙන් 18වැනිදා හඳුන්වා දෙනවා. “

Rate this item
(0 votes)