December 09, 2019

බස්නාහිර ගුරු විභාගයේ ප්‍රතිඵල පිළිගන්න බැහැ - අපේක්ෂකයන්ගෙන් චෝදනා

බස්නාහිර පළාත් ගුරු විභාගයේ ප්‍රතිඵල තමන්ට පිළිගත නොහැකි බව ඊට මුහුණ දුන් අපේක්ෂකයන් ඒෂියන් මිරර් වෙත හෙළි කරයි.

මෙම විභාගය සමත් වීමට ගණිතය හා සාමාන්‍ය දැනුම යන විෂයන් දෙකට අවම වශයෙන් ලකුණු 40 ඉක්මවා ගත යුතුව තිබේ. එහෙත් මෙම විභාගයට පෙනී සිටි ශාස්ත්‍රපති, ශාස්ත්‍රවේදී හා අපොස උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් ලබා ගත් අපේක්ෂකයන් රැසක් බස්නාහිර ගුරු විභාගයෙන් අසමත් කර තිබේ.

බොහෝ අපේක්ෂකයන්ට අදාළ විෂයන් දෙකේ ලකුණු මට්ටම් 40 සහ 38 වශයෙන් ලැබී තිබෙන බවද අපේක්ෂකයන් සඳහන් කරයි. මේ නිසා මෙම ප්‍රතිඵල සැක සහිත බවට ඔවුන් චෝදනා කරයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2019.07.31 වනදා පැවැත්වූ බස්නාහිර ගුරු විභාගය සඳහා අපේක්ෂයන් 30,000ක් පමණ පෙනී සිටි අතර ඉන් 300ක් තෝරා ගැනීමට නියමිතය. මෙම විභාගයේ ප්‍රතිඵල අගෝස්තු 10 වනදා මුඅ හරින ලදී. එක් අපේක්ෂකයෙකුගෙන් විභාග ගාස්තු ලෙස රුපියල් 600 විභාග දෙපාර්තමේන්තුව විසින් අය කරගෙන තිබේ.

Rate this item
(0 votes)


DLB Desktop