August 25, 2019

ජීවිතය පරදුවට තියලා හරි සජිත් ප්‍රේමදාසව ජනපති කරනවාමයි

සජිත් ප්‍රේමදාස මහතා යනු හොර මැර නැති සැබෑ සිංහල බෞද්ධ නායකයෙකු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

ඔහු අවුරුදු 30ක අත්දැකීම් බහුල නායකයෙක් බවත් මිනිසුන්ගේ ගඳ සුවඳ හඳුනන නායකයෙක් බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

රජයෙන් යම් යම් වැරදි අඩු පාඩු සිදු වුවද මේ වන විට නියම නායකයා සජිත් ප්‍රේමදාස මහතා ලෙස හඳුනා ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේම තමන් ජීවිතය පරදුවට තබා හෝ සජිත් ප්‍රේමදාස මහතා ජනපති කිරීමට තමන් කැපවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)