August 25, 2019

රටම දිනවන්න පුළුවන් නියෝජිතයෙක් අපි නම් කරනවා - රවී

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්වීම එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළොන්නාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි කාලයක් යාමට පෙර රටම ජයග්‍රහණය කරවිය හැකි ආකාරයේ නායකයෙකු ඉදිරිපත් කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මතය ඉදිරිපත් කළ හැකි රටේ දුක හඳුනන සිංහල බෞද්ධ ඡන්ද ලබා ගත හැකි අයෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සියලු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂත් සමඟ අත්වැල් බැඳගනිමින් එම සහයෝගය තුළින් ජයග්‍රඑණය කරන බවත් තනිවම ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබුණ ද එකට වැඩ කිරීම පක්ෂයේ අපේක්ෂාව බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)