August 25, 2019

ජනාධිපතිවරණයට සජිත් ඉල්ලන හරින්ගේ බදුලු රැලිය අද

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජනරැලිය අද (12) බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැලිය සංවිධානය කර ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව පවසමින් ජනරැලි මාලාවක් රට පුරා පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන පාර්ශව තීරණය කර ඇති අතර, එහි පළමු රැළිය මෙය වන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)