April 06, 2020

රාජපක්ෂ විරුද්ධ කණ්ඩායම තාමත් මේ රටේ බහුතරය

රටේ මීළඟ ජනාධිපතිවරයා පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

දොම්පේ ප්‍රදේශයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

රටේ බහුතරයක් තවමත් රාජපක්ෂ විරෝධී අය බවත් ඒ පිරිස එක් කරගෙන පුළුල් සන්ධානයක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරයා බවට පත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය බලාපොරොත්තු වන බවත්  දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක වැනි මැති ඇමතිවරු රාජපක්ෂ විරෝධීන් ලෙස සුදුසු තීරණයක් ගනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Rate this item
(0 votes)