April 02, 2020

එජාපයේ මතයක් තියෙනවා රනිල්ට බෑ කියලා - ටිල්වින්

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ කරන පාර්ශ්ව සිදු කරන්නේ රටේ පවතින ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කිරීම නොව අපේක්ෂකයින් තෝරාපත් කර ගැනීමට කටයුතු කිරීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ගිරාඳුරුකෝට්ටේ අලුයටවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

රටේ පවතින ගැටළු විසදීම සඳහා ඇති ඉදිරි ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවට අපේක්ෂකයා ඉදිරිපත් කරන දිනය ප්‍රකාශ කිරීම පිළිබඳව තරගයක යෙදී සිටින බවට ඒ මහතා චෝදනා එල්ල කර සිටියි.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බවටත් ඒ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සුදුසු බවටත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අතර මතයක් පවතින් බවත් ඒ මහතා කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන බව පවසන සජිත් ප්‍රේමදාස මහතාට හෝ පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් කරන බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාටවත් අරුම පුදුම දෙයක් නොමැති බවත් ජනතාව රවටා මුහුණු මාරු කිරීම පමණක් සිදුවන බවත් ටිල්වින් සිල්වා මහතා කියා සිටියි.

Rate this item
(0 votes)