August 25, 2019

අගෝස්තු 10 වනදා වෙනකල්ම සුදුසු අපේක්ෂකයා හොයනවා - මහින්ද

රටේ මතවාදය අනුව සුදුසුම පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ මහතා විසින් රචිත 'කැණිමඩලේ ගීතය' ග්‍රන්ථය දොරට වැඩීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

රට තුළ විදෙස් ගිවිසුමවලට අත්සන් තබනවානම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාවගේ කැමැත්ත අකමැත්ත මත සිදු කළ යුතු බව එහි දී සෝෆා සහ ඇක්සා ගිවිසුම් පිළිබඳ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.

එසේම ඉදිරි මැතිවරණය සඳහා සුළු ජාතීන් තම පක්ෂය වෙනුවෙන් සිටින බවත් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බවත් ඒ මහතා පැවසීය.

තම පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ විවිධ නාම යෝජනා ඉදිරිපත් වන අතර රටේ ඉදිරි අනාගතය පිළිබඳ සිතා බලා ඒ පිළිබඳව තමන් තීරණයක් ගන්නා බවත් විපක්ෂනායකවරා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අගෝස්තු 10 වනදා තෙක්ම සුදුසු අපේක්ෂකයා කවුරුන්දැයි තමන් සොයනා බව විපක්ෂ නායකවරයා පැවසීය.

Rate this item
(0 votes)