January 22, 2020

එජාපයේ වගේ පොහොට්ටුවේ අපේක්ෂකයා වෙනුවෙන් කුලල් කා ගැනීමක් නෑ

එක්සත් ජාතික පක්ෂයට මෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අර්බුධයක් පොදු ජන පෙරමුණ තුළ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එජාපය තුළ විවිධ නම් කියමින් අපේක්ෂකයා පිළිබඳ විවිධ මත පල කල ද ජනතාවගේ ඉල්ලීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඔහු පවසයි.

රටේ ජනතාව බලාපොරොත්තු වන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා හැර එජාපයේ මෙන් කුලල් කා ගැනීමක් තම පක්ෂයේ නැති බව ඔහු සඳහන් කරයි.

Rate this item
(0 votes)