August 25, 2019

එජාපය තුළ ඇති දැවැන්ත අර්බුදයක් ගැන සේමසිංහ හෙළි කරයි

ජනාධිපති අපේක්ෂකත්වය පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණයවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ තුළ සිටින ඇතමි අය ජනාධිපති අපේක්ෂකත්වය සිහිනයකින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ හේකුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම මේ වන විට උඩුදුවා ඇති බවත් මේ වන විට ඔවුන්ට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂයෙක් ගැන තීරණයක් ගැනීමට නොහැකි වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)