August 25, 2019

බුද්ධිමත් අනාගත පරපුරක් උදෙසා දිනේෂ් අමරතුංග මහ මඟදී වැඩ අරඹයි Featured

නුවර පාර කලගෙඩිහේනේදී වෑන් රථ රියදුරෙකුට පහර දුන් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් පිරිසක් පිළිබඳ සිද්ධියට අදාළ ජීප් රථ දෙකෙන් එක් රථයක හිමිකරු දිනේෂ් අමරතුංග නැමැත්තෙකු බව හෙළිදරව් වී තිබේ.

දිනේෂ් අමරතුංග නැමැත්තා තමන් ගණිතය ගුරුවරයෙකු මෙන්ම ඉංජිනේරුවෙකු ලෙස ඔහු විසින්ම හඳුන්වා ගනු ලැබේ. ඔහු රූපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයක අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසද හැඳින්වේ.

සිය වාහනවලට ඉස්සර කිරීමට ඉඩ නොදුන් බව පවසමින් CAD 8850 සහ CAG 0550 යන ජීප් රථ වලින් පැමිණි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් යැයි හැඟෙන පුද්ගලයින් පිරිසක් මෙම පහරදීම සිදු කර පලායන අයුරු ඒ අසළ තිබූ සිසිටිවී කැමරා පද්ධතියක සටහන්ව තිබිණි.

මෙම සිද්ධිය මේ වන විට සමාජයේ දැඩි කතා බහකට ලක්වී තිබෙන අතර පහර කෑමට ලක්වූ වෑන් රථ රියදුරා පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් කලද තවමත් සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී නොමැත.

Rate this item
(1 Vote)
Last modified on Friday, 19 July 2019 12:27