August 25, 2019

"රංජන්ගේ වගකීම ආණ්ඩුවේ දෝෂ මතු වුණ වෙලාවට කොමඩි දාන එක"

රජයේ අමාත්‍යවරුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් ඉලක්ක කරගනිමින් සිදුකරන අපහාසාත්මක ප්‍රහාරයන් පිටුපස එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සෘජු මැදිහත්වීමක් පවතින්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් පවසයි.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් භික්ෂූන් වහන්සේලාට අපහාස වන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශය විවේචනය කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"චිත්‍රපටියක් උනත් නිකන් ගලාගෙන යනකොට වැඩක් නැහැ. එහෙම වුනොත් නිදිමත ගතිය එනවා. ඒ නිසා නිදිමත ගතිය නැතිකරගන්න කොමඩි එකතු කරන්න වෙනවා. මේ ආණ්ඩුවත් ඒවගේ කොමඩි පෙන්නන්න රන්ජන් රාමනායක කියලා කෙනෙක්ව පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා.  ආණ්ඩුව යන ගමන් මාර්ගයේ දෝෂ මතු වෙන විට කොමඩි ඒක දාන්න තමයි රන්ජන් රාමනායක ඉන්නේ. සමාජ සේවා ඇමැති කාලය කාලේ දිවුලපිටියට ඇවිත් එතුමා කියනවා මම සමාජ සේවය කළේ කාන්තාවන් වෙනුවෙන්. මම මගෙන් ඉටුවිය යුතු සේවය ඉටුකරන්නේ හරිම කැමැත්තෙන් කියලා. මේක එතුමාගේ මානසිකත්වය."

Rate this item
(0 votes)