August 25, 2019

ක්‍රිකට් හසුරවන්න වසර 2ක වැඩ පිළිවෙලක්

ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් පරිපාලන කටයුතු වෙන වෙනම කොටස් දෙකක් යටතේ පාලනය කිරීමට නව වැඩපිළිවෙලක් සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බදුල්ලේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ක්‍රිකට් පරිපාලනය හා ක්‍රිකට් දෙකක් බව ද පැවසු අමාත්‍යවරයා, ඒ අනුව ක්‍රිකට්වල අනාගතය වසර 2ක දැක්මක් අනුව ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

ක්‍රිකට් ආයතනයෙන් කිහිප දෙනෙක් ගෙන ලංකාවේ ක්‍රිකට් පිළිබඳ නම කැතවෙලා නැති ක්‍රීඩකයින් ගෙන වසර 2ක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

පරණ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඒ සඳහා එකතු කර ගන්නා බව ද පැවසු අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් වු නෛතික තත්ත්වය මේ වන විට විමසා බලා ඇති බවත්, ඒ අනුව ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවයි.

පුහුණුකරුවන් හා තේරීම් කාරක සභාව යන සියලු දේ මෙම පත් කර ගන්නා ලද කමිටුව විසින් තීරණය කරනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Rate this item
(0 votes)