January 22, 2020

අත්අඩංගුවේ සිටි කළුතර ප්‍රාදේශිය සභා මන්ත්‍රි මනෝජ්ට ඇප

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු කළුතර ප්‍රාදේශිය සභා මන්ත්‍රි මනෝජ් ඒකනායක මහතා ඇතුළු පුද්ගලයින් 10 දෙනා ඇප මත නිදහස් කර තිබේ.

පසුගිය දා මොරොන්තුඩුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව මොරොන්තුඩුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව අද (15) උදෑසන මන්ත්‍රිවරයා ඇතුළු පිරිස මොරොන්තුඩුව පොලීසිය වෙත භාර වී තිබේ.

ඒ අතර කාන්තාවන් 08 දෙනෙකුද වේ.

ඔවුන් පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප සහ රුපියල් 5000 බැගින්  මුදල් ඇප මත මුදා හැර ඇති බව වාර්තා විය.

Rate this item
(0 votes)