November 13, 2019

ආණ්ඩුව ‌‌බේරාගැනිමේ ජවිපෙ කුමන්ත්‍රණය හෙළි වුණා

2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල්වූ කණ්ඩායම් නැවත  ජනතාව රැවටිම  සඳහා  එකතු වෙමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග  යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ  විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය හමුවේ අසරණවූ ආණ්ඩුව බේරා ගැනීමට බව සිහිපත් කළ මන්ත‍්‍රීවරයා මෙම විශ්වාසභංගය ජයග‍්‍රහණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ කතෝලික මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා  කිරීමට ක්‍රියා නොකළේ  ආණ්ඩුව රැකගැනිමේ  යටි අරමුණෙන් දැයි සැකයක්  මතු වෙන බවද  ඒ මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)