July 21, 2019

විපක්ෂය එකතු කිරීම පිළිබඳ ජවිපෙට අපේ ස්තූතිය - දයාසිරි

“මීට පෙර පැවැති විශ්වාසභංග යෝජනාවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්න අපිට හැකි වුණා. ඒ හරහා විපක්ෂයේ එකමුතුවක් ඇති වුණා. ඒ සඳහා මඟ හදා දුන් ජනතා විමුක්ති පෙරමුණට අපේ ස්තූතියිය පළ කරනවා. ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකට වැඩ කරන්න කියලා මං ජවිපෙට ආරාධනා කරනවා. අපේ ඔක්කොම ආවා නම් අපිට ඡන්ද 103 දක්වා යාමට හැකියාව තිබුණා.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා,

“දෙමළ ජාතික සංවිධානය ආණ්ඩුවත් එක්ක ඡන්දය දුන්නේ එක් මන්ත්‍රීවරයෙකුට වැඩ කරන්න කෝටි 5ක් දෙන්න පොරොන්දු වු නිසයි. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකුත් අලුතින් ලබා ගත්තා. රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු හෘද සාක්ෂියට විරුද්ධව ඡන්දය දුන්නේ යළිත් ඇමතිකම් ලබා ගැනීමේ අරමුණෙන්. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළැකී සිටිමට තීරණය කර තිබුණත්, අවසානයේ ආණ්ඩුව රැක ගන්න ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිවල මතය නෙමෙයි ජනතාවගේ මතය, ඒක මැතිවරණයක් තිබුණාම බලා ගන්න පුළුවන්.”

Rate this item
(0 votes)
Last modified on Friday, 12 July 2019 14:39