July 21, 2019

"කොළඹ - ත්‍රිකුණාමල ආර්ථික කොරිඩෝවට අමතරව තවත් ආර්ථික කොරිඩෝ තුනක්"

කොළඹ - ත්‍රිකුණාමලය ආර්ථික කොරිඩෝවට අමතරව අම්බලන්ගොඩ - අම්බලන්තොට, අම්පාර - මඩකලපුව - වාලච්චේන, කිලිනොච්චිය - යාපනේ යන නගර අතර ආර්ථික කොරිඩෝ නිර්මාණය කිරීමට ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඒෂියන් මිරර් "සංවාදය" වැඩසටහනට එක්වෙමිනි.

කොළඹ - ත්‍රිකුණාමලය ආර්ථික කොරිඩෝව වෘතිකයන් 3000කගේ සහභාගිත්වයෙන් නිර්මාණය කළ එකක් බවද ඉහත ආර්ථික කොරිඩෝ හතර ඉදි කිරීමෙන් පසු නාවික හා වාණිජ අංශ වලින් ලබා ගන්නා දියුණුව මත ඉදිරි 30 අවුරුදු කාලය ඇතුළත ශ්‍රී ලංකාව  ආසියාවේ සංවර්ධිත රටක් බවට පත්වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය. 

Rate this item
(0 votes)