July 21, 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 02කිනි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් පහළ දැමීමත් සමග එහි නව මිල 159 ක් පමණ වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් පහළ දමා තිබේ.

ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 104කි.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා එලෙස මිල පහළ දැමූ බව ය.

Rate this item
(0 votes)