July 21, 2019

යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරකවරයා අද දිවයිනට

යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව යුරෝපා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ, ජීල් ද කෙයෂොව් මහතා අද සිට ලබන 16 වන දා දක්වා මෙම සංචාරයේ නිරත වනු ඇති බව ය.

එම කාල සීමාව තුළ ඔහු මාලදිවයිනේ ද සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

ආරක්ෂාව තර කිරීමේ උත්සහයන්ට සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සුදුසු පසුබිමක් නිර්මාණය කර ගැනීමේ උත්සහයන්ට අත්වැලක් වීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ය.

සංචාරය තුළදී ජීල් ද කෙයෂොව් මහතා ආණ්ඩු සහ විපක්ෂ නියෝජිතයින් මෙන්ම ආරක්ෂක අංශවල ප්‍රධාන පෙළේ නියෝජිතයින්, සිවිල් සමාජ නියෝජිතයින් හමුවීමට නියමිත බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Rate this item
(0 votes)