October 19, 2019

UNPයේ මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුවේ වියදමින් - අනුර

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුවේ වියදමින් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

සමෘද්ධි ව්‍යාපාරයෙන් සිදු කරන්නේ දේශපාලන ව්‍යාපාරයක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවේ දුප්පත්කම නැතිකිරීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වුණ සමෘද්ධි ව්‍යාපාරය මේ වන විට ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට පමණක් සහනාධාර ලබා දෙන ව්‍යාපෘතියක් බවට පත්කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

" පාර්ලිමේන්තුවේදී දයා ගමගේ ඇමැතිතුමා කිව්වා රුපියල් ලක්ෂ තුන්දාහක් සමෘර්ධි ව්‍යාපාරය ට එකතු කරලා තියෙනවා කියලා.ආණ්ඩුවේ සල්ලි වියදම් නොවන බව කියන ඇමැතිවරයා රුපියල් හාරසිය පනහකට ටීෂර්ට් එකක් ගහලා දෙන එක් අපරාධය ද කියලා අහනවා. ඒ කියන්නේ මේ අයට රුපියල් ලක්ෂ 3000 කියන්නේ ඉතා සරල වියදමක්. නමුත් මේ ආණ්ඩුව බලයට ආවේ පැහැදිලිවම මේ රටේ නාස්තිය දූෂණය වංචාව කියන දේවල් වලට විරුද්ධ වෙන බවට ප්‍රතිඥා දෙමින්. ඒ නිසා පසුගිය රජයේ බොහෝ දෙනෙක් නාස්ති කළා කියමින් එෆ්.සී.අයි.ඩි. යට අරගෙන ගිහිල්ලා නඩු පැවරීමට හෝ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළා.  ලක්ෂ 3000ක් සමෘර්ධි ව්‍යාපාරයේ මුදල්, ටී ෂර්ට් ගහන්න සැලසිනේ ආයතනය ට ලබා දීලා.සැලසිනේ ආයතනය ටී ෂර්ට් ගහන තැනක් නෙවෙයි. ඒ අයත් වෙන තැනකට දීලා තමයි ටී ෂර්ට් ගැහුවෙ.එතකොට මේ සල්ලි රජයේ මුදල් නොවේද. මේ මුදල් වියදම් කිරීමේදී ආණ්ඩුවේ තිඛෙන ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා තියෙනවද. නැත්නම් මේක හුදෙක්ම දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කරපු වියදමක් ද කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.මේ ආණ්ඩුව බලයට එනකොට විශාල දේවල් පොරොන්දු වුණා. පෝස්ටර් ගහන්නේ නෑ කිව්වා. කටවුට් ගහන්න  වියදම් කරන්නෑ කිව්වා.ඒ අය මැතිවරණ කාලේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව කටයුතු කරන බවය කිව්වේ. මේ වෙනකොට ගම්පෙරළිය වගේ වැඩපිළිවෙල සඳහා විශාල මුදල් ප්‍රමාණයක් යොදවන්නේ ප්‍රසම්පාදන කි්‍රයාවලිය යටතේද? සංවර්ධනය නරකක් නොවෙයි. ටෙන්ඩර් කැඳවලා තියෙනවද? "

Rate this item
(0 votes)


DLB Desktop