November 21, 2019

ජනපතිගේ මල්ලි ඩඩ්ලි සිරිසේන මට මරණ තර්ජන කළා - රොෂාන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතා තමන්ව මරා දමන බවට තර්ජනය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. 

රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි. 

අවම වශයෙන් මේ සම්බන්ධව තමන්ගේ පැමිණිල්ලවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර නොගත් බවටයි ඒ මහතා චෝදනා කළේය. 

"මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ සහෝදරයා පැහැදිලි තර්ජනයක් කරනවා මාව මරනවයි කියලා. මේක CIDයට මම යවනවා මට පැමිණිල්ලක් දාන්න ඉඩ දෙන්න කියලා. පැමිණිල්ලක් දාන්න මට ඉඩක් දෙන්නෙ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලත්. ජනාධිපතිවරයෙක්ගෙ සහෝදරයෙක් මෙහෙම හැසිරිලා නෑ. මේ බලයෙන් මේ අය වියරු වැටිලා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

Rate this item
(0 votes)