July 11, 2020

සිදුවු මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුත්තේ බදියුදීන් විතරක් නෙවෙයි මුළු ආණ්ඩුවමයි

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහාය නොදැක්වීම ගැටළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අනුරාධපුරයේදී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් පල කළේය.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බාර දීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා විරුද්ධත්වය පල කර සිටින බවත් එය ප්‍රශ්නකාරී දෙයක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

සිදුවු මනුෂ්‍ය ඝාතනයන්ට වග කිව යුත්තේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පමණක් නොවන බැවින් ඔහු ඇතුළු සමස්ථ ආණ්ඩුවම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.
 

Rate this item
(0 votes)