November 21, 2019

කැළණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

කැලණිය, නුන්ගමුගොඩ ප්‍රදේශයේදී ස්වර්ණාභරණ වෙළඳසැල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද(25) අදාළ වෙළඳසැල තුළ සිටි හිමිකරුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක්ය.

වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Rate this item
(0 votes)


DLB Desktop