November 17, 2019

මුස්ලිම් මන්ත්‍රීවරු 7දෙනා කොමියුනිස්ට් නායකයන් හමුවෙති

නොබෝ දා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 7 දෙනා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් හමුවී සාකච්ඡා කිරිම ජුනි 26 වන දින පස්වරු 3.00 ට බොරැල්ල කොටා පාරේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී සිදු කිරිමට නියමිතය.

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙම මුස්ලිම් පක්ෂ නායකයින් හා කොමියුනිස්ට් පක්ෂ නායක හමුව සංවිධානය කරයි.

නැවත අමාත්‍ය ධූර ලබාගත් කබීර් හෂීම් හා අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන් දෙදෙනා හැර අනිකුත් මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.

මෙහිදී ඔවුහු කොමියුනිස්ට්  පක්ෂයේ සභාපති රාජා කොල්මුරේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික එම්.ඒ.රශ්මි යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින් රැසක් හමුවනු ඇතැයි ද වාර්තා වේ.

 

Rate this item
(0 votes)