November 21, 2019

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අගොස්තුවේදී හෙළි කරනවා

රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා මේවන විටත් ජනතාව විසින් තෝරා අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේබව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

මේ වන විට ජනතාවට අවශ්‍ය වී ඇත්තේ සක්විති රජකම ලැබුනත් නොවෙනස්ව රට පවා නොදෙන නායකයෙක් බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදු අපෙක්ෂකයාගේ නම අගොස්තු මස 11වදා පක්ෂ සම්මේලනයේදි ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.

සුනාමීයට හසු වු පොල් කොම්බයක් සේ ආණ්ඩු කරන පිරිස සහ එයට සහය දක්වන පිරිස මුහුදටම ගසා යන මැතිවරණයක් ඉදිරියෙදි පැමිනෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
 

Rate this item
(0 votes)