July 21, 2019

"ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමට අපි ශක්තිමත් වටපිටාවක් හදාගෙන ඉන්නේ"

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිරනයට සාර්ථාකව මුහුණ දිම සදහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශක්තිමත් වටපිටාවක් ගොඩනගා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ප්‍රදේශයේ සන්නිවේදන බලකාය ඊයේ (23) හමුවිමෙන් අනතුරුව මාධ්‍යය හමුවක් පවත්වමින් හේෂා විතානගේ මහතා ඒ බැව පැවසිය.

වසර ගණනාවක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරපු මේ රටේ 50% ජනතාවක් මේ වන විට ස්වාධින වි ඇති බවත්, මේ රටේ දුප්පත් ජනතාවගේ දුක හදුනන රටට යහමගට රැගෙන යා හැකි නායකයෙකුට එම ජනතාව සහයෝගය ලබාදිමට බලාපොරොත්තුවෙන් සිටින බව හේෂා විතානගේ මහතා කියා සිටියේය.

18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කල යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කර ඇති ප්‍රකාශය අනුව එම බලතල මේ වන විට ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා නොදැන සිටින බව හේෂා විතානගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)