July 21, 2019

මාතා කෝවිල ඇතුළු ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට යාමේදී උණුසුම් තත්වයක්

යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර ගැනීමත් සමගම පළාතේ වැසියෝ ඊට එරෙහිව විශාල උද්ඝෝෂණයක් පැවැත්වූහ.

මේ ස්ථානයට යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන් මහතා සහ නාවන්තුරේ ග්‍රාම නිලධාරීවරයා පැමිණ විරෝධතාකරුවෝ සන්සුන් කොට තිබේ.

නමුත් ඒ අවස්ථාවේදී එතැනට පැමිණි මෞලවිවරයෙකු එම මුළු භූමියම අයත් වන්නේ මුස්ලිම් වැසියන්ට බවත් එම ඉඩම් සියල්ලම රජය විසින් බලපත්‍ර මගින් ඔවුන් වෙත ලබා දී ඇති බව ප්‍රකාශ කිරීමටත් සමගම යලිත් විරෝධය දැඩි වී තිබේ.

මේ අවස්ථාවේදී ගම්වාසීන් නොදැන එම ඉඩම් මුස්ලිම් වැසියන්ට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීවරයාට ගම්වාසීන් දොස් පවරමින් කෑ කෝ ගසා තිබේ.

මේ ඉඩම් සදහා මුස්ලිම් වැසියන්ට ලබා දී ඇතැයි කියන බලපත්‍රද රැගෙන 26 වෙනිදා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස මුස්ලිම් වැසියන්ට දැණුම් දී ඇති ප්‍රාදේශීය ලේකම්වරයා එදිනට නාවන්තුරේ ග්‍රාම සංවර්ධන සමීතිය ඇතුළු ප්‍රධාන සමීති කීපයක නිලධාරීන්ටද පැමිණෙන ලෙස දැණුම් දී තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)