April 02, 2020

සෙවණගල එපා ලැබිය යුතු වන්දිය දෙන්න - දයා ගමගේ

තමා රුපියල් මිලියන 2800ක් ආයෝජනය කරමින් දියුණු කළ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව 2011 වසරේදී රජයට පවරා ගත්තේ කැලෑ නීතියෙන් යැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුභසාධන ඇමති දයා ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

එහි තිබූ ණය බර හැර සියල්ල එදා රජයට පවරා ගැණුනු බව කී ඇමතිවරයා තමාට අවශ්‍ය එම කර්මාන්තශාලාව යළි ලබාගැනීම නොව ලැබිය යුතු නියමිත වන්දිය ලබාගැනීම බවද සඳහන් කළේය.

තමා එක්සත් ජාතික පක්ෂය හා දේශපාලනය කිරීම තම ව්‍යාපාරය අහිමිවීමට හේතු වූ බවද හෙතෙම කීවේය.

සෙවණගල කර්මාන්තශාලාව ලාභ ලබන බව කීවත් එය පසුගිය වසරේ මිලියන 46ක පාඩුවක් ලබා ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

Rate this item
(0 votes)