November 13, 2019

අබ්දුල් රාසික් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද (20) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රාසික්ට දැනුම් දී තිබේ.

සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් පවසා සිටියේ අද පස්වරු 2.00 කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඉදිරියේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් ද සකස් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අද දිනයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

Rate this item
(0 votes)