November 13, 2019

පාස්කු තේරීම් කාරක සභාව මින්පසු ඇතැම් දිනවල රහසිගතව

පාස්කු දින ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාව මින්මතු ඇතැම් දිනවලදී මාධ්‍ය නොමැතිව රහසිගතව රැස්වීමටද තීරණය කළ බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (19) මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කළේය.
 
 ජාතික ආරක්‍ෂාවට අදාළව සාක්‍ෂි විමසීමේදීත්, සහ ආරක්‍ෂක සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ සාක්‍ෂි විමසීමේදී මෙසේ මාධ්‍ය නොමැතිව එය සිදු කිරීමටත්, එසේ රැස්වන දිනය කල් තියා ප‍්‍රසිද්ධ නොකිරීමටත් කාරක සභාව තීරණය කළ බවද කුමාරසිරි මහතා පැවැසුවේය.
 
 කෙසේ වෙතත් අද කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කරන බවද හෙතෙම කීවේය.
 
 මීට අමතරව ඉදිරියේදී සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක්ද ඊයේ කාරක සභා සාමාජිකයන් රැස්වී සකස් කර ඇත.
 
 කෙසේ වෙතත් හෙට දිනයේ සාක්ෂි වීමසීමට නියමිතව තිබෙන්නේ සමස්ත ලංකා තවුහීද් ජමාත් සංවිධානයෙනි.

Rate this item
(0 votes)