November 13, 2019

"බොරු කියන විමල්ගේ මොළය පරික්ෂා කරන්න” - බදියුදීන්ගෙන් ඉල්ලීමක් (VIDEO)

දිගටම බොරු කියන විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මොළේ පරීක්ෂා කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.

හිටපු අමාත්‍ය බදියුදීන් එම අදහස් පළ කළේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“මගේ මවගේ සහෝදරයෙක්ගේ දියණිය දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධියට සම්බන්ධ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබෙනවා. මගේ මවට සහෝදරයෙක් නෑ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා දිගින් දිගටම මේ උත්තරීතර සභාවේ අසත්‍ය ප්‍රකාශ කරනවා. සහරාන්ගේ සිද්ධිය වූ දිනයේ සිටම බොරු කියලා ජනතාව රවට්ටලා, ජාතීන් අතර වෛරයක් ඇති කරලා ලොකු වැරැදි වැඩ දිගටම කරගෙන ආවා. එයා කියපු දේවල් ඔක්කොම බොරු කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. එතුමා මට විරුද්ධව මේ වන තෙක් පොලිසියට කිසිම පැමිණිල්ලක් කරලා නැහැ. මාධ්‍යයට බොරු ප්‍රකාශ දෙනවා. එතුමා කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි. මගේ මවට කිසිම සහෝදරයෙක් නැහැ. ඒ සිද්ධියට කිසිම සම්බන්දයක්නැහැ. මාධ්‍ය මගිනුත් මේ සම්බන්දයෙන් ඇත්ත තත්ත්වය එළි කරන්න කියලා ඉල්ලා සිටිනවා. දිගටම බොරු කියන විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මොළේ පරීක්ෂා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.“

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 June 2019 11:27


DLB Desktop