November 17, 2019

රතන හාමුදුරුවෝ උපවාස කරද්දී පොළු ගත්ත මැරයෝ සැණකෙළියට ලෑස්ති වුණා - හකීම්

දළදා මාලිගාව ඉදිරියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වෙද්දී පොලු ගත් මැරයන් රටපුරා සැණකෙළියට සූදානම් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

නගර පුරා කළු කොඩි ඔසවම්න් වෙලදසැල් වසා දමමින් රට තුල මහා කලබලයක් ඇති කිරීමට උත්සාහයක් තිබූ බවත් ඔහු කියයි.

හදිසි නීතිය ක්‍රියාත්මකව තිබියදී මේ ආකාරයේ හැසිරීමක් සිදු වුවත් ආණ්ඩුව ඊට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත නොහැකිව අසරණව සිටි බවද මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වී රට තුල කෝලාහලයක් ඇති වීම වැලැක් වූ බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

Rate this item
(0 votes)