July 21, 2019

මුස්ලිම් දේශපාලඥයින්ගේ සාමූහිකත්වය දැක විග්නේශ්වරන් දේශපාලනමය තීන්දුවක් ගනී

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දේශපාලන පක්ෂය සමග එකතුවී සන්ධානයක් වශයෙන් කටයුතු කරණ බව යාපනයේදී පැවසීය.

යාපනයේ පිහිටි සංගරපිල්ලේ අනුස්මරණ ශාලාවේදී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතිකා ජනතා පෙරමුණ (TNPF) විසින් සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් විග්නේස්වරන් මහතා මෙ බව ප්‍රකාශ කළේය.

දෙමළ දේශපාලනඥයින් දෙස බලන විට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට  ඉතා විශාල හා දුර ගමනක් යා හැකි බව තමන්ට තෙරුම් යාම නිසා තමන් මේ තීරණය ගත් බව කී විග්නේස්වරන් මහතා එම තීරණයට එළඹීම සදහා පසුගිය දිනවල මුස්ලිම් දේශපාලනඥයින්ගේ සාමූහික තීරණ තම මනසට  බලපෑ බවද ඔහු කියා සිටියේය.

මුස්ලිම් දේශපාලනඥයින් ගෙන් කීප දෙනෙකුට නිස්කාරණේ විවිධ චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඔවුන් සියළුම දෙනා ඔවුන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වූයේ ඔවුන්ගේ සාමූහික බව ප්‍රදර්ශනය කරමින් බව කී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඔවුන්ට එසේ කළ හැකිනම්  දෙමළ දේශපාලනඥයින් වශයෙන් අපටද එය කළ හැකි යැයි සිතුණු සිතුවිල්ලත් සමග තමන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සමග එකතු වීමට තීරණය කළ බවද ඔහු මේ අවස්ථාවේදී පැවසීය.

තමන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්  මහතා සමග එක්ව දෙමළ ජනතාව වෙණුවෙන් දේශපාලනයේ නිරත වූවත් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව යාමට තමන් විසින් පිහිටුවන ලද දෙමළ ජනතා සන්ධානය (TMK) නැමති දේශපාලන පක්ෂය ඉවත් කර නොගන්නා බවද සදහන් කළේය.

එම දේශපාලන පක්ෂය සමග තමන් කටයුතු කරණ අතරතුර ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට සහය දක්වමින් දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරණ බවද විග්නෙස්වරන් මහතා පවසයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විග්නේස්වරන් මහතා කියා සිටියේ මුස්ලිම් දේශපාලනඥයින් විසින් ගත් තීරණ දෙමළ දේශපාලනඥයින්ට හා දෙමළ ජනතාවට ඉතා වැදගත් පූර්වාදර්ශයන් බවයි.

ඔවුන්ගේ සාමූහිකත්වය දෙස බලා දෙමළ දේශපාලන පක්ෂ තමන්ගේ ජනතාව වෙණුවෙන්  සේවය කළ යුත්තේ කෙසේද යන්න හොදින් වටහා ගත යුතු බවද  සදහන් කළේ උදාහරණ කීපයක්ම ඉදිරිපත් කරමිනි.

දකුණේ සිංහල බෞද්ධ බලවේගයන් සහිත සිංහල දේශපාලනඥයින්ට හා ඔවුන්ගේ දේශපාලනයට මුස්ලිම් දේශපාලනඥයින් විසින් උගන්වන ලද සාමූහිකත්වයේ පාඩම  කවදාවත් ඉගෙන ගැනීමට ඔවුන්ට නොහැකි වන්නේ ඔවුන් තුළ ඉතා දැඩිව පවතින ජාති භේද ආකල්ප නිසා බවද ඔහු සදහන් කළේය.

මේ තත්ත්වය ඉතා හොදින්ම යුද සමයේදී සහ තමන් මෑතකදී මුස්ලිම් ජනයාට සිදු වූ අසාධාරණකම් පිළිබදව අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බවට කළ ප්‍රකාශයත් සමග ඔවුන් හැසුරුණු අන්දමිනුත්  ඉතා පැහැදීව පෙනී යන බවද ප්‍රකාශ කළේය.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)