June 17, 2019

නෝම්බි කාලයේ මුස්ලිම් තරුණයින් අත්අඩංගුවට ගැනීම ශාපයක් - අසාද් සාලි

මුස්ලිම් තරුණයින් විශාල වශයෙන් අත්අඩංගුවට ගත් හේතුව වන්නේ දුරකථනයේ සහරාන්ගේ විඩියෝ තිබීම හේතුවෙන් බවත් නෝම්බි සමයේදී මෙසේ ඔවුන් අත්අඩංගුවට ගැනීම ශාපයක් බවත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු ඊයේ(11) මෙම අදහස් පළ කළේය.

අසාද් සාලි මහතා විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ සිදුකරන ඇතැම් ක්‍රියා හේතුවෙන් මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් කරන බවයි. 

ආණ්ඩුව විසින් මුස්ලිම් ජනතාවට මෙවැනි දෙයක් සිදු කරයි කියා ඔවුන් කිසිම දිනක නොසිතූ බව අසාද් සාලි මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)