August 24, 2019

"හමුදාවට චෝදනා කරන්න එපා" - ෆෝන්සේකා හා අසාද් සාලි කාරක සභාවේ දී ගැටෙති (VIDEO)

පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි අසාද් සාලි මහතා සහ කමිටු සාමාජික ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඇති වූ උණුසුම් සංවාදයක් ඇති වී ඇති බව වාර්තා වේ.

එහිදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අසාද් සාලි මහතාට මෙලෙස පවසා ඇත.

“හමුදාව පොලිසිය රාජකාරී කරනකොට මිනිස්සුන්ට කරදර වෙනවා තමයි. ඒක නවත්තන්න බෑ. මොකද ඒ රාජකාරියේදී ජනතාවට කැමති විදියට නෙමෙයි ඒවා කරන්න වෙන්නේ. ඒ නිසා ඒවා ගැන පැමිණිලි කරන එක සාධාරණ නෑ. හමුදාවට පොලිසියට රාජකාරි කරන්න උනොත්, ඒ වාතාවරණය ඇති උනාම එතකොට හුදාවට පොලිසියට ඇඟිල්ල දික් කරන්න එපා. ඒ වාතාවරණය ඇති කරපු කට්ටිය තමා ඒකට වගකියන්න ඕනි. හමදාව ආවම පොලිසිය වගේ නෙමෙයි. හමුදාව පොලිසිය වගේ ග්‍රාමසේවක වගේ වැඩ කරන්නෑ. හමුදාව වැඩ කරන ක්‍රමවේදයක් තියනවා. හමුදාව ඇවිල්ලා ඔළුව අතගාලා, කරුණාකරලා, මට සමාවෙන්න කියලා රාජකාරී කරන්නෑ.”  

Rate this item
(0 votes)