June 17, 2019

"තවුහීද් ජමාත් එක මේ තරම් දුර ආවේ හලීම්ගේ මල්ලී නිසා" - අසාද් සාලි (VIDEO) Featured

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර ගැන කරුණු සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද දිනයේ සාක්‍ෂි ලබා දෙන ලදී.

සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුතු ජාතික තවුහිත් ජමාත් සංවිධානයට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු හිටපු ඇමති ඒ.එච්.එම්. හලීම්ගේ සහෝදරයෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලබා දුන් බවද ඔහු සදහන් කලේය.

කාත්තාන්කුඩි පොලීසිය මා එකට ජාතික තවුහාද් ජමාද් සංවිධානය වැඩ කළ බවත් 2017දී සහරාන් විසින් කාත්තන්කුඩියේ පාරම්පරික මුස්ලිම් ජනතා නිවාස 120 ක් ගිනි තැබුවේ යයිද සදහන් කලේය.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරයන් හේතුවෙන් සම්පූර්ණ මුස්ලිම් ජනතාවම ත‍්‍රස්තවාදීන් කර ඇති බවත් එහි වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවද ඔහු සදහන් කල අතර තේරීම් කාරක සභා සාමාජිකයන් එම ප‍්‍රකාශයට විරෝධය දැක්වීය.

අවස්ථා ගණනාවකදී අසාද් සාලිගේ සාක්‍ෂි දැක්වීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභා සාමාජිකයන් විසින් විරෝධතා දක්වන ලද අතර අවවාද කිහිපයක්ම සිදු කරන ලදී.

Rate this item
(0 votes)