August 24, 2019

තව්හිද් ජමාත් සංවිධානය හා පොලීසියකාන්තාන්කුඩිවල වැඩ කරේ එකට - අසාද් සාක්ෂි දෙමින් කියයි

තව්හිද් ජමාත් සංවිධානය හා කාන්තාන්කුඩි පොලීසිය එක්ව පාරම්පරික මුස්ලිම් ජනතාවට හිරිහැර කල බව අසාල් සාලි මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

2017 වසරේ දී කාන්තාන්කුඩිවල දී සහරාන් නැමති පුද්ගලයා විසින් පාරම්පරික මුස්ලිම් ජනතාවගේ ගෙවල් 120 ක් ගිනි තැබු බව ද ඔහු මෙහිදී පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පැවසු අසාද් සාලි මහතා, මිනිසුන් පාරේ බැහැලා උද්ඝෝෂණ කලත් නොකල බව ද කියා සිටියේය.

එම අවස්ථාවේ සිටි ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යැවු බවත් පැවසු අසාද් සාලි මහතා, තව්හිද් ජමාත් සංවිධානය හා එක්ව සිටි බවත් එනිසා පාරම්පරික මුස්ලිම් ජනතාවට කිසිදු පැමිණිල්ලක් දැමීමට අවස්ථාව හිමි නොවුන බවත් එවන් අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවත් පැවසීය.

එහිදී විශේෂ කාරක සභාවේ සිටි සමාජිකයින් කියා සිටියේ මෙම චෝදනාව ඉදිරිපත් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.

එහිදී අසාද් සාලි මහතා කියා සිටියේ, තමාට සාක්ෂි දෙන්න එන්න කියු බැවින් පැමිණි බවත්, සාක්ෂි රැගෙන ඒමට තරම් ප්‍රමාණවත් කාලයක් තමාට නොතිබුණ බවත්ය.

කෙසේ වෙතත් තමන් බෝම්බ ප්‍රහාරයන්ට සතියකට පෙර දීද සහරාන් නැමැත්තා ගැන පැවසු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 June 2019 16:40