August 24, 2019

අස්වූ මුස්ලිම් ඇමැතිවරුන් වෙනුවට වැඩබලන ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථා විරෝධීයි

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරු වෙනුවෙන් වැඩබලන ඇමැතිවරු ලෙස රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වැඩබලන ඇමැතිවරුන් ලෙස රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු පත් කළ හැක්කේ ඇමැතිවරයා රටින් පිටව ගොස් සිටින අවස්ථාවකදී හෝ ඇමැතිවරයා අසනීපව රාජකාරියට නොපැමිණෙන අවස්ථාවකදී බව ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

යම් ඇමැතිවරයකු ඉල්ලා අස්වූ අවස්ථාවකදී ඇමැතිධූරය පුරප්පාඩු වී ඇති බැවින් එවන් අවස්ථාවකදි වැඩබලන ඇමැතිවරයකු පත්කළ නොහැකි අතර තවත් කැබිනට් ඇමැතිවරයකුට එම විෂය පැවරීම කළ හැකි බවද ඔහු වැඩිදුරටත් කීවේය.

Rate this item
(2 votes)