June 17, 2019

ව්‍යවස්ථාදායකයට අත පෙවීමට විධායකයට අයිතියක් නෑ - විජේපාල

ව්‍යවස්ථාදායකයට අත පෙවීමට විධායකයට අයිතියක් නොමැති බැවින් තේරීම් කාරක සභාවට රජයේ ඕනෑම නිලධාරියෙකු සහභාගී විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එසේ සිදු කළහොත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරිමක් බවද ඔහු පවසයි.

එය ජනතා විශ්වාස ඒ තුලින් සම්පුර්ණයෙන්ම පළුදු වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පසුගිය ගිය දා සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණෟඩුවේ සෑම සදමාජිකයෙකුටම චෝදනා එල්ල වු බැවින් ඒ සඳහා සොයා  බැලීමට තෙරිම් කාරක සභාව පත් කළ බවද ඔහු පවසයි.

එම නිසා බුද්ධි නිලධාරින් ගෙන් ප්‍රශ්න කිරිමට  සිදු වු බවද ඔහු ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)