March 28, 2024

පළමුවරට පිටසක්වල ජීවියෙකු මෙතනින් දැකගන්න (VIDEO)

ගූගල් මූන් චන්ද්‍රිකා සිතියමක මගින් සඳ මත ඇති විශාල කුළුණක හෝ පිටසක්වළ ජීවියෙකුගේ යැයි සැකකල හැකි ඡායාරූපයක් දකින්නට ලැබෙන බවට පුවතක් වාර්තා වී ඇත.

මෙම ඡායාරූපය සහ එම ඡායාරූපය ඇතුලත් කල විඩියෝව wowforreeel නම් පුද්ගලයකු විසින් පළ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මුලින් අක‍්‍රමවත් හැඩැති අඳුරු ලපයක් ලෙසින් දිස්වූ මෙය විශාල වස්තුවක හෝ ජීවියකුගේ සෙවණැල්ලක් විය හැකි බව ගූගල් අර්ත් හරහා නිරීක්ෂණයේදී සිතුනු බවයි.  අවශ්‍ය කෙනෙකුට එය පරීක්ෂා කර බැලිය හැකි බවද ඔහු පවසා තිබේ.

මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීමත් සමඟ ගූගල් මූන් හරහා පිටසක්වළ ජීවීන් සෙවීම අන් කවරදාටත් වඩා ජනපි‍්‍රය වී ඇතැයි විචාරකයන් පවසති.  

ගූගල් මූන් නරඹන්න : http://www.google.com/moon/

Rate this item
(1 Vote)
Last modified on Sunday, 10 August 2014 04:24