April 19, 2024

වෙරළ තීරයේ විදුලි බලය "පුද්ගලික සමාගමකට"  

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) මඟින් නඩත්තු කරනු ලබන බෙදාහැරීම් ජාලයේ ධාරිතාව වැඩිදියුණු කිරීමට රජය තීරණය කර තිබේ.

මීගමුවේ සිට ගාල්ල දක්වා වන බටහිර වෙරළ තීරයේ විදුලි බෙදා හැරීමේ ජාලය ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) මඟින් ක්‍රියාකරවනු ලබයි. 

මේ සඳහා මුළු ප්‍රාථමික උප පොළ 31ක් උපරිම ස්ථාවර ධාරිතාවන්ට බලගන්වා ඇත. කි.වො. 33/11 ප්‍රාථමික උප පොළයන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත පවිත්‍ර බලශක්ති හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කටුනායක, කොටිකාවත්ත, කිරිබත්ගොඩ, නාවල හා හික්කඩුව යන ප්‍රදේශයන්හි ලෙකෝ සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතී. 

බෙදා හැරීමේ ජාලයේ ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 2164.3ක වියදමින් මෙම කටයුතු සම්පූර්ණ කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතියද හිමි වී තිබේ.

Rate this item
(0 votes)