March 28, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ටාජ් සමුද්‍රා හෝටලය මැරුණ සේවකයාටත් පොලු තියලා 

කොළඹ තරුපහේ හෝටලයක් වන ටාජ් සමුද්‍රා හෝටලය එහි සේවය කළ පුද්ගලයකු වෙනුවෙන් රුපියල් මිලියන 2.3ක් නොගෙවා වංචා කර ඇති බවට වංචා විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ප්‍රධාන සූපවේදීයා ලෙස සේවය කරමින් සිටියදී මියගිය චමින්ද නන්දන පෙරේරා නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකු වෙනුවෙන් ඔහුගේ පියා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

2006 වසරේ සිට 2011 වසරේ ඔක්තොම්බර් 15 වන දින දක්වා මියගිය තම පුත්‍රයා අදාල හෝටලයේ සේවය කළ අතර එහිදී හෝටලයේ මානව සම්පත් අංශයට යමින් සිටියදී හමුදා ට්‍රක් රථයකට යටවී මිය ගිය බව පියා වන පන්නිපිටියේ පදිංචි මල්ලිකාරාච්චිගේ නන්දසිරි පෙරේරාගේ පැමිණිල්ලේ සඳහන්ය.

තම පුත්‍රයාට මරණයකදී සුබසාධක සමිතියෙන් ලබාදෙන රුපියල් ලක්ෂ දෙකක මුදල සහ තවත් ලැබීමට නියමිතව තිබූ රුපියල් මිලියන 2.1 ක මුදලක් අදාල හෝටලය විසින් නොගෙවා වංචා කර ඇති නිසා එම මුදල ලබා නොදීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස නන්දසිරි පෙරේරා මහතා වංචා විමර්ෂණ ඒකකයේ පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

 

Rate this item
(0 votes)