April 20, 2024

ලංකාවේ පළමුවරට "අයි ෆෝන්" එකෙන් චිත්‍රපටයක් 

ප්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන අයි ෆෝන් 5 දුරකථනය මඟින් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට සුදානම් බව වාර්තා වේ.

නොයෙකුත් ක්‍රමයන් ඔස්සේ නව චිත්‍රපට බිහිවන අවධියක අයි ෆෝන් මඟින් චිත‍්‍රපටයක් නිර්මාණය වන්නේ ලංකාවේ පළමු වතාවටය.

මෙම චිත්‍රපටය Adventures of Ricky Deen නම් වේ. මේ වනවිට චිත්‍රපටයේ පළමු අදියරේ රූගතකිරීම් අවසන්ව ඇති අතර දෙවන අදියරේ රූගත කිරීම් මේ වන විට ආරම්භ වී ඇත.

Onome Ekeh සමඟින් බූඩි කීර්තිසේන මෙහි තිර රචනය කර ඇති අතර කැමරා අධ්‍යක්ෂණය සිදුකරනු ලබන්නේ දිමුතු කාලිංග විසිනි.

මහේන්ද්‍ර පෙරේරා චරිත ත‍්‍රිත්වයකින් ද, පාලිත සිල්වා චරිත ද්විත්වයකින් ද රංගනයෙන් දායක වෙන අතර සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ශලනි තාරකා, දසුන් පතිරණ, දර්ශන ධර්මරාජ් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඊට ඇතුළත්ය.

Adventures of Ricky Deen පූර්ව ප්‍රචාරකපටය පහතින් නරඹන්න 

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 10:24