April 19, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

අලි කුලප්පුවෙන් පෙරහැරේ දොලහක් රෝහලේ (VIDEO)

මහනුවර ඇසල පෙරහැර 2 වන රංදෝලි පෙරහැර ඊයේ රාති‍්‍රි ගමන් කරමින් තිබෙන අවස්ථාවේ දි ගෙවදිමට සුළු මොහොතක් තිබිය දි මහනුවර නගරයේ රජ විදිය ඉහල කොටසේ ජනාධිපති මන්දිරයට මහනුවර රජවිදියෙන් ඇතුලු විමට ඇති ගේටිටුව ආසන්නයේ දි හදිසියේම අලියෙකු කුලප්පුවිම නිසා 12 දෙනෙක් ක් මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ.

මහනුවර පොලිසිය සදහන් කලේ ඊයේ රාත‍්‍රියේ පෙරහැර ගමන් කර දළදාමාළිගා චතුරස‍්‍රය ආසන්නයේ ගෙවදිමට සුළු මොහොතක් තිබිය දි හදිසියේම අලියෙකු කුල්ලප්පු විම නිසා කාන්තාවක් ඇතුළු 12 දෙනෙකු රෝහල් ගතකර ඇති බවත් මෙම පිරිසගෙන් වැඩි දෙනා පෙරහැරේ ගමන් කල බෙරවාදකයින් හා නර්තන ශිල්පින් හා ඇත්ගොව්වන් ද සිටින බවත් ඔවුන් සුළු තුවාල ලබා ඇති බවයි.

පෙරහැර අවසන්වන ප‍්‍රදේශය නිසා මෙම ස්ථානයේ මහජනතාව විශාල පිරිසක් නොසිට ඇති බව ද පොලිසිය සදහන් කර ඇත.

ඇසල පෙරහැර සඳහා අලිඇතුන්ගේ වෛද්‍ය අංශය භාරව කටයුතු කරන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතාගෙන් විමසා සිටිමේ දි එතුමන් සඳහන් කළේ දළදා මාලිගා පෙරහැරේ ගමන් කල කිරිවෙහෙර පැටියා නමින් හදුන්වන අලියා හදිසියේම පිටුපසට හැරිමත් සමගම අනෙක් අලිඇතුන් ද එය අනුගමනය කිරිම නිසා මෙම තත්වය උදාවි ඇති බවයි. කෙසේවෙතත් දැනට මෙම සතුන් ආරක්ෂික ස්ථාන වලට රැගෙන ගොස් ඇති බව ද දංගොල්ල මහතා ප‍්‍රකාශ කලා.

මහනුවර මහරෝහලින් විමසා සිටිමේදී එහි ප‍්‍රකාශයකු සඳහන් කලේ රෝගින්ට සීරිමි හා පන්දම්වලට පිලිස්සිමෙන් වු සුළු තුවාල ඇති බවත් බරපතල තත්වයක් නොමැකි බවයි.

හේරත් ඒකනායක

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 16:18