August 24, 2019

ග්‍රෑන්ඩ්පාස්හි දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

ග්‍රෑන්ඩ්පාස් - වෙහෙරගොඩැල්ල - කම්බිතොටුව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 46ක් වයසැති පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)