March 29, 2024

වයඹ ඇඳිරි නීතිය 4 ට අවසන් - නැවතත් සවස 6 සිට

වයඹ පළාතට බලපාන ලෙස පනවා ඇති පොසේ ඇඳිරි නීතිය අද(14) පස්වරු 4 ඉවත් කිරීමට තීරණය කර ඇත.

නැවතත් වයඹ පළාතට බලපැවැත්වෙන ලෙසට අද පස්වරු 6 සිට හෙට(15) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව ද පොලීසිය සඳහන් කරයි.

සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ(13) රාත්‍රියේ පනවා තිබූ  පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00ට ඉවත් කළේය.

කෙසේවෙතත් වයඹ පළාතට නැවත දැනුම් දෙන තුරු තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයන් පැතිර යාම වැළැක්විම සඳහා කුලියාපිටිය බිංගිරිය,දුම්මලසූරිය,හෙට්ටිපොළ,කොබෙයිගනේ හා රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ  පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර පසුව එය සමස්ත වයඹ පළාතටම ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගනු ලැබීය.

Rate this item
(0 votes)