August 18, 2019

වැල්ලවත්තේදී සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂිතව පුපුරුවා හරී

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම යතුරු පැදියේ ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් කිසියම් පිපිරීමක් සිදු කළ බවයි.

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ සැකකටයුතු ලෙස නවතා තිබූ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ආසනය විවෘත කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එහි අගුල ආරක්ෂිතව පුපුරුවා හැර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් මෙලෙස යතුරුපැදිය පරීක්ෂා කිරීම සඳහා ආසනය පුපුරුවා හැර ඇති බවය. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 April 2019 11:31