July 20, 2019

"විදුලි කප්පාදුවක් ආයි වෙන්නේ නෑ" - රවීගෙන් සහතිකයක්

මම සාමාන්‍යයෙන් කියන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එදා කියපු දේ රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කිව්වේ විදුලි කප්පාදුවක් ඊයේ රෑ ඉදන් නැහැ කියලා. ඉතින් ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයට අවු. 50ක් පිරීම නිමිත්තෙන් පිළියන්දල ලංවිම පුහුණු අභ්‍යාස විද්‍යාලයේ පැවති පිය පුතු පදනම මත නව රැකියාලාභීන් 123 දෙනෙකුට පත්වීම් ලබා දීමේ  උත්සවයකට ඊයේ (11) පෙරවරුවේ සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"විදුලි කප්පාදුව පසුගිය අයගේ සිදුවීම් නිසා තමයි සිදු කරන්න වුණේ. ඒ කාලේ අමතර විදුලිය ලබාගෙන තිබෙන්නේ වියදමට වඩා වැඩියෙන්. මේ සැරේ අපි විදුලි බල මණ්ඩලයේ ජනනය කිරීමට වඩා අඩුවෙන් ගන්නේ. වෙනස දැන් තෙරේවි.  අපි අමාත්‍යාංශයේ වෙනස් වීම් කරන්නේ හැම දෙනාගෙම එකමුතුභාවය තුළින්. මේක හෘදයාංගයෙන්ම එන දෙයක් මිසක් තල්ලු කිරීමක් නෙමෙයි. මම හිතන්නේ හොඳම දේ තමයි ඒ වැඩ කරන සේවක පිරිසගෙන් සහ ඒ කළමණාකරන  මට්ටමෙන් අහන්න පුළුවන් කොයි ආකාරයෙන්ද අප එකමුතු වෙන්නේ වෙනසක් කරන්න කියලා."

"ඵල තියෙන රුකටනේ ගල් ගහන්නේ. ඒ වගේම වැඩ කරන අපට තමයි ගහන්නේ. අපි කියන්නේ විශ්වාසයක් ඇති කරන්න. අපි කිව්වොත් අපට තියෙන්නේ මේ වගේ අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ විදුලි කප්පාදුවක් කරන්න. අපට ඉල්ලුමට සැපයුමක් තිබ්බේ නැහැ. කවුද මේකට වග කියන්න අවශ්‍ය. දවස් 73 ගත්ත මමද, නැත්නම් මීට පෙරහිටපු අයද. හැබැයි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. අපි ඉදිරියට ගමන් කරමු. මින් පසුව එන විදුලි ඇමතිවරයෙක්ට මෙවැනි ප්‍රශ්ණයක් ඇති නොවන විදියට අපි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් තියන එක තමයි මම කරන්නේ. යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Rate this item
(0 votes)